ඉදිරියේදී පන්ති කාමරයකට ළමයි 25 -30

නව අධ්‍යාපන ප්‍රතිසංවිධාන යටතේ ගුරුවරුන්ගේ වෘත්තියභාවය ඉහළ නංවමින් පන්ති කාමරයක සිසුන් පිරිස 25 ත් 30 ත් අතර සංඛ්‍යාවකට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ, පන්ති කාමරයක් තුළ ළමුන් 50 ක් 60 ක් වැනි පිරිසක් සිටීම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේදී ගැටලු සහගත බවයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සඳහා ගාල්ල දක්‍ෂිණපාය ශ්‍රවණාගාරයේ අද පැවති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමේ සිව්වැනි වැඩසටහන මෙයයි.