ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 4ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනෙයි නගරයේ පාලමක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

40 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තවත් බොහෝ පිරිසක් අතුරුදන් බව බලධාරීන් පවසනවා.

මියගිය අය අතර, කුඩා දරුවෙකුද සිටින අතර, පාලම කඩා වැටුනු අවස්ථාවේ ඒ මත සංචාරකයින් සියයකට වැඩි පිරිසක් සිට තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ගංගාවේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ අතර, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුටත් ක්‍රියාත්මකයි.

මියගිය සහ අතුරුදන්වූවන්ගේ පවුල් වෙත අග්‍රාමාත්‍ය මෝදි සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත ඉන්දීය රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ලබාදීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.