ඉන්දියාවේ හින්දු කෝවිලක් කඳුළින් තෙත් වෙයි

ඉන්දියාවේ හින්දු කෝවිලක රැස්ව සිටි බැතිමතුන් පිරිසක් අතර ඇති වූ තෙරපීමකින්, 6 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එරට බලධාරීන් කියා සිටියේ 35කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

උතුරු ඉන්දියාවේ “උත්තරා ඛාන්ද්” ප්‍රාන්තයේ “හරිද්වාර්” නගරයේ සුප්‍රසිද්ධ හින්දු කෝවිලක රැස්ව සිටි බැතිමතුන් විශාල පිරිසක් අතර අනපේක්‍ෂිත ලෙස මෙම තෙරපීම හටගෙන තිබෙනවා.

සුප්‍රසිද්ධ “මාන්සා දේවි” හින්දු කෝවිලෙහි රැස්ව සිටි එම පිරිස මතට අධි වෝලිටීයතා විදුලි රැහැනක් කඩාවැටීමෙන් ඇති වූ භීතියත් සමග එම බැතිමතුන් මෙලෙස තෙරපීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි රැහැන වැටෙන ආකාරය දැකීමෙන් ඉන් ඉවතට පැන යාමට දැරූ උත්සාහය හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බව ඉන්දීය පොලීසිය පවසනවා.

මියගිය පිරිසෙන් එක් අයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට එරට රෝහල් බලධාරීන් තහවුරු කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වි‍ශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඉන්දීය රජය පවසන්නේ.