ඉකුත් මැයි මස ඉන්දියාව සහ පකිස්තානය අතර හටගත් ගැටුම් අතරතුර ඉන්දියාව විසින් පකිස්තාන ප්‍රහාරක ජෙට් යානා 5 ක් සහ තවත් එරට හමුදා ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී අමර් ප්‍රීත් සිං පවසනවා.
ඉන්දීය “එස්-400” ගුවන් ආරක්‍ෂක පද්ධති මගින් මෙම පකිස්තාන හමුදා ගුවන් යානා බිම හෙලූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එහෙත් පකිස්තානය විසින් මෙම ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.
ඉන්දීය හමුදාව විසින් එලෙස සිය කිසිදු ගුවන් යානයකට ප්‍රහාර එල්ල කර හෝ විනාශ කර නොමැති බව පකිස්තාන රජය පවසනවා.
