අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) දින පවත්වා තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී.
නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇත.
දෙමළ මාධ්‍ය සඳහා පවතින ගුරු හිඟයට විසඳුම් සෙවීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා ද සහභාගී වී තිබෙනවා.
