ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වායු දූෂණය අවමරතිඤ්ඤා භාවිතයට අවසර ලබාදෙයි

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වායු දූෂණය අවම රතිඤ්ඤා භාවිතයට අවසර ලබාදී තිබෙනවා. එරට දිල්ලි නගරයේ වායු ගුණාත්මකභාවය තවමත් ඉතා දුර්වල මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

එළඹෙන දීපවාලී උත්සව සමයේ වායු දූෂණය අවම, රතිඤ්ඤා අලෙවියට සහ භාවිතයට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා. සෑම වසරකම දිල්ලි නගරය මුහුණ දෙන වායු දූෂණ අර්බුදයට රතිඤ්ඤා භාවිතයද හේතුවක් බව සඳහන්. එබැවින් 2020 වසරේ සිට දිල්ලි නගරය තුළ රතිඤ්ඤා භාවිතය තහනම් කිරීමට ඉන්දීය බලධාරින් පියවර ගත්තා.  කෙසේවුවද “හරිත ගිනිකෙළි” සංකල්පය යටතේ නිෂ්පාදිත වායු දූෂණය අවම නව රතිඤ්ඤා සියයට 30 ක අඩු දූෂක විමෝචනයක් මෙන්ම ඉතා අවම අළු ප්‍රමාණයක් නිකුත් කෙරෙන බවයි එහි නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ.