ඉන්දුනීසියාවේ වඩාත් සක්‍රීය ගිනි කන්දක් ලෙස සැලකෙන “ලෙවටෝබි ලකි ලකි” ගිනිකන්ද යළි සක්‍රීය වී තිබෙනවා.
මේ වන විට එරට රජය ඉහළම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ගිනි කන්ඳ එරට වේලාවෙන් ඊයේ පස්වරු 4.30 ට පමණ පුපුරා ගිය බව, ගිනි කඳු විද්‍යා එජන්සිය ප්‍රකාශ කර සිටිනවා.
මේ වන විට ගිනි කන්ඳ අවට කිලෝමීටර ෙ11කට වඩා වැඩි දුරක් ඝන අළු දුමාරයෙන් වැසී ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.
වඩාත් ඉහළ සංචාරක ආකර්ෂණීය දූපතක් වන “ෆ්ලොරස්ට්”ට ඉහළින් ඝන අළු දුමාරය පැතිර යමින් පවතින අතර මේ වන විට එය දැඩි ආරක්ෂිත කලාපයක් ලෙස පෙන්වා දී තිබෙනවා.
ගිනි කන්ඳ අවට කිලෝ මීටර 7ක ප්‍රදේශයක් තුළ ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර තිබෙනවා.
ප්‍රදේශයේ පවතින අවදානම් සහිත පාරිසරික තත්වය හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.
ගිනි කන්දෙන් පිටවන අළු දුමාරය හේතුවෙන් ජනතාව ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ පැළදීමට පියවර ගන්නා ලෙස, ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කර සිටිනවා.
