ඉන්දුනීසියා ගංවතුරින් මියගිය පිරිස ඉහළට

ඉන්දුනීසියාවේ හටගත් හදිසි ගංවතුරින් මේ වනවිට 14 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීමටයි එරට රජය පියවර ගෙන ඇත්තේ.

හදිසි ගංවතුරින් ඉන්දුනීසියාවේ පළාත් දෙකකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අඛණ්ඩව ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, එරට සංචාරක නිකේතනයක් වන “බාලි” දූපතේ සහ නැගෙනහිර “නූසා ටෙංගාරා” පළාතේ නායයෑම් කිහිපයක් වාර්තා වනවා.

ගංවතුරට හසුව අතුරුදන් වූවන් සෙවීමේ විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මකයි.

ඊට නිලධාරීන් හයසියයක පමණ පිරිසක් යොදවා ඇති බව එරට ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසනවා.

ආපදාවට පත් වැසියන් වෙනුවෙන් සහන සැලසීම සඳහා සියලු පියවර ගන්නා ලෙසයි ඉන්දුනීසියානු රජය බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.