ඩීසල් මෙට්රික් ටොන් 7900 ක් සහ පෙට්රල් මෙට්රික් ටොන් 7200 ක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඊයේ නිකුත් කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අද උදේ සිට සුපුරුදු පරිදි ඉන්ධන තොග බෙදාහැරීම ගැටලුවකින් තොරව ආරම්භ කළ බවයි ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා කියා සිටින්නේ
