මැදපෙරදිග ඇතිව ඇති යුදමය තත්වය හේතුනේ දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීමත් හේතුවෙන් රට තුළ පවතින තෙල් සංචිත රටේ ආර්ථික කටයූතු පවත්වාගෙන යාමට ප්‍රවේසම්කාරි ලෙස කළමණාකරණය කළ යුතු ඇති බැවින් 2026.03.15 දින උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිලදී ගැනීම සදහා QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය විසින් කටයුතු කර ඇත.

වර්ධනය වී ඇති අසාමාන්‍ය ඉල්ලුමට ප්‍රධාන හේතුවක් වශයෙන් ඇතැම් පිරිස් විසින් අනීතික ලෙස ඉන්ධන තොග රැස් කිරීමේ ජාවාරම්වල නිරතවීම රජය විසින් හඳුනාගෙන තිබේ. එබැවින් ජාවාරම්කරුවන්ගේ මෙම ක්‍රියාවන් මැඩපවත්වමින් සාමාන්‍ය ජන ජීවිතය සහ රටේ ආර්ථික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම මෙම QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හේතුව බවයි බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.
ඒ අනුව 2026.03.15 දින (අද) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිලදී ගැනීම සදහා QR කේත ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන අතර අද දින උදෑසන 06.00 සිට අදාල කේතය නොමැතිව කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කරනු නොලැබේ.
අදාල QR කේතය ලබාගන්නා ආකාරය පිළිබඳව නිකුත් කළ නිවේදනය සහ වාහන කාණ්ඩ සඳහා නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්……

