අනුරාධපුර ජයන්ති මාවතේ සිංහකණුව වටරවුමේදී ඊයේ (16) දින රාත්‍රී කාලයේ ජයන්ති වටරවුම දෙස සිට මාකට් හංදිය දෙසට ධාවනය වූ ඉන්ධන බවුසර් රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකාරියගේ අනන්‍යතාව තහවුරුවී නොමැති අතර ප්‍රදේශයේ සිටින යාචක කාන්තාවක් බවට අනාවරණය වී ඇත.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
