ඉන්ධන මිල සංශෝධනය වෙයි

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව අද (31) රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි නවතම ඉන්ධන මිල ගණන් සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අනුව රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 294.00ක්.

රුපියල් 313ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රු.5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318.00ක්.

රුපියල් 335ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුව නැහැ.

රුපියල් 277ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල ද සංශෝධනය වී නොමැත.

එමෙන්ම රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද කිසිදු වෙනසක් සිදුව නොමැත.