අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ෆොක්ස් නිවුස් නාලිකාව සමඟ අදහස් දක්වමින් ඉරානයට එරෙහි යුද්ධය අවසන් වීමේ සීමාවට පැමිණ ඇති බව කියා සිටියා.
මෙම ගැටුම් මේ වන විට පස්වැනි සතියටත් ක්‍රියාත්මක වන අතර එම අවසානය අද හෝ හෙට සිදු නොවූවත් එය ඉතා ආසන්න බවයි රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ.යම් අවස්ථාවකදී ඉරාන නිලධාරීන් සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමේ හැකියාවක් පවතින බවද ඔහු එහිදී පැවසුවා.
අමෙරිකානු මිලිටරි මෙහෙයුම් ඉදිරි සති කිහිපය ඇතුළත අවසන් කළ හැකි බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළකළා
