එක්සත් ජනපදය, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගුවනින් බෝම්බ හෙලා ඇති බව වාර්තා වනවා.
බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඉරානය කඩිනමින් සාමයේ මාවතට පිවිසිය යුතු බවයි.
එක්සත් ජනපද හමුදාව, ඉරානයේ “ෆෝඩෝ” ඇතුළු න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ගුවනින් බෝම්බ හෙලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
බෝම්බ ප්‍රහාරවලින් පසු, ධවල මන්දිරයේ සිට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියේ, ඉරානය කඩිනම් සාම ක්‍රියාවලියකට අවතීර්ණ වියයුතු බවයි.
එසේ නොමැති නම් ඉරානයට එරෙහි ඉදිරි ප්‍රහාර වඩාත් දරුණු වනු ඇති බවයි, ජනපති ට්‍රම්ප් සඳහන් කරන්නේ.
ඉරානයේ “ෆෝඩො” සහ තවත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට එල්ල කළ ප්‍රහාර, තම හමුදාවේ විශිෂ්ට සාර්ථකත්වයක් පිළිබිඹු කරන බවද එක්සත් ජනපද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ එරට භූගතව පිහිටි යුරේනියම් නිෂ්පාදනය කිරීමේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන “ෆෝඩෝ” න්‍යෂ්ටික මධ්‍යස්ථානයෙහි කොටසකට එක්සත් ජනපද බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බවයි.
ඊට සිදුව ඇති හානිය පිළිබඳව ඉරාන බලධාරීන් මෙතෙක් තහවුරු කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා පවසනවා.
