ඉරානයෙන් බියකරුම ප්‍රතිප්‍රහාරය ඇරඹෙයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගොස් ඇති බවට ඉරාන රජයට හිතවාදී ප්‍රධාන පුවත් සේවාව වන තස්නිම් සහ ෆාර්ස් යන ආයතනවලින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඉරානයේ ෆාස් ආයතනය පවසන පරිදි ඊයේ අලුයම දෛනික රාජකාරි සිදුකරමින් සිටියදි කමේනි ඝාතනයට ලක්ව ඇත්තේ ඔහුගේ කාර්යාලයේදි.

මෙම ඝාතනයක් සමග කෝපයට පත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඉරාන ඉතිහාසයේ එල්ල කරන බියකරුම සහ විනාශකාරි ප්‍රතිප්‍රහාරය මීට සුළු වේලාවකට පෙර ආරම්භ කර තිබෙනවා.

ඊයේ එල්ල වූ ප්‍රහාරවලින් ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ශම්කානි සහ විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරි මොහොමඩ් පක්පූර්ද ඝාතනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

මේ අතර, අමෙරිකානු මධ්‍යම විධානය ප්‍රහාරවල දර්ශන මුදාහරිමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ක්ෂණික සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

ඉරාන නාවික හමුදාව සහ මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථානද මුළුමනින්ම විනාශයට පත්කරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙඩ්සන් අවධාරණය කර තිබෙනවා.