ඉරානය කිසිදු අවස්ථාවක සටන් විරාමයක් ඉල්ලා නොමැති බව එරට විදේශ අමාත්ය අබ්බාස් ආරග්චි පවසනවා. ඔහු කියා සිටින්නේ, තම රට කිසිදු අවස්ථාව සාකච්ඡා සඳහා ඉල්ලීමක් කර නොමැති බවයි.
තමාට හැකි උපරිම අවස්ථාව වන තෙක් තම රටේ ආරක්ෂාව සඳහා කැප වන බව ඔහු අවධාරණය කරනවා. මෙම යුද්ධය ජනාධිපති ඩොනල්ඩ් ට්රථම්ප්ගේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ උවමනාව මත ආරම්භ වූ බවත් අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ඔහු අවධාරණය කරනවා.
තම රටට ප්ර හාර එල්ල කරන විටත් ඉරානය, අමෙරිකාව සමග සාකච්ඡා පවත්වමින් සිටි බවත්, එම සාකච්ඡාවල කිසිදු සුබවාදී ආකල්පයක් නොතිබූ බවත් ඔහු පවසනවා.
