ඉරාන අනතුරු ඇඟවීම හමුවේ බ්‍රිතාන්‍යයෙන් විශේෂ ඉල්ලීමක්

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි සම්පූර්ණයෙන්ම විවෘත කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අද විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

අවසරයකින් තොරව ගමන් කරන නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන නාවික හමුදාව අනතුරු ඇඟවීමත් සමඟයි ඇය මෙම ඉල්ලීම කර ඇත්තේ.

එක්සත් රාජධානියේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සිය වාර්ෂික දේශනය පවත්වමින් ඉවෙට් කූපර් මහත්මිය අවධාරණය කරන්නේ ජාත්‍යන්තර මුහුදු මාර්ගවල ගමන් කිරීම සඳහා කිසිදු පාර්ශවයකට බදු අය කිරීමට අවස්ථාවක් නොමැති බවයි.

එමෙන්ම අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ ඇති කරගන්නා සටන් විරාම ගිවිසුමට ලෙබනනය ද ඇතුළත් කළ යුතු බව ඇය පවසනවා.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් මහතා සිය මැදපෙරදිග සංචාරය අතරතුර සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු හමුවී තිබෙනවා.

කලාපය තුළ තිරසාර සාමයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව නායකයන් එහිදී අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.