රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය නම්, තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම නතර කළ යුතු බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මජිඩ් තක්ත්-රාවන්චි පවසනවා.
සාකච්ඡා ආරම්භ කිරීමට අමෙරිකාව උත්සාහ කළත් ප්‍රහාර නතර කිරීම පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි නොමැති බවයි ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මජිඩ් තක්ත්-රාවන්චි පවසන්නේ ට්‍රම්ප් පරිපාලනය ඉරානයට සාකච්ඡා සඳහා නැවත පැමිණීමට අවශ්‍ය බව මැදිහත්කරුවන් මාර්ගයෙන් පවසා ඇති බවයි.
නමුත් සාකච්ඡා පැවැත්වෙන අතරතුර තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ “ඉතා වැදගත් ප්රශ්නය” සම්බන්ධයෙන් “ඔවුන්ගේ ස්ථාවරය මෙතෙක් පැහැදිලි කර නොමැති” බව ඔහු පවසනවා.
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉකුත් සති අන්තයේ පහර දීමත් සමග එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුමට සෘජුව සම්බන්ධ වුණා.
අමෙරිකාව ඉරානයට ඍජු ප්‍රහාර එල්ල කරන්නේ දශක ගණනාවකට පසුවයි.
ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඉරානය යුරේනියම් බලගැන්වීම සිදුකරන්නේ සාමකාමී අරමුණු සඳහා බවයි.
තම රට රහසිගතව න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීම සඳහා උත්සහ කරන බවට එල්ලවන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කරනවා.
