ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට පළිගැනීමක් ලෙස ඉරානය එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාරවලින් ඩුබායි රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ එරට සංධිස්ථානයක් ලෙස සැළකෙන බර්ජ් අල් අරාබි හෝටලයටද හානි සිදුව තිබෙනවා.
ගුවන් තොටුපලට එල්ල වූ ප්‍රහාරවලින් එක් අයෙකු මියගොස්, පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඩුබායි හි ගුවන් ගමන් වාර 700 කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට එරට රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
