ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල

අද උදෑසන ඊශ්‍රායලයේ බෙනිබරක් ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණ සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවත්, ඔහු ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු කියා සිටින්නේ, ඊශ්‍රායලයට ඇතුළුවීම හා පිටවීම ඊජිප්තුව හා ජෝර්දානය හරහා සිදු කළ හැකි බවයි.

ටෙල් අවිව්, බෙන් ගූරියන් ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් ගමන් වසා දැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණිය නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන් වාර යොදා ගත හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යරයා පවසනවා.

ඊශ්‍රායලයේ වෙසෙන තානිපතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි නිමල් බණ්ඩාර මහතා කියා සිටින්නේ.

ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කරන නිශ්චිත දිනයක් කිව නොහැකි බවයි ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

හදිසි අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපොල සහ ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපොළ හරහා ගොඩබිම් මාර්ගයෙන් ඊශ්‍රායලයට පැමිණීමට සහ පිටවිය හැකි බව අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.