ඉරාන යුද්ධයට අමෙරිකාව මැදිහත්වීම පිළිබඳව තීරණයක් ගැනීම ඉදිරි සති දෙක ඇතුළත සිදුකරණ බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.
ඉදිරි දින කිහිපය ඇතුළත සාම සාකච්ඡා ආරම්භවීමේ හැකියාවක් ඇති නිසා මෙම කාලය ලබාගන්නා බවයි ධවල මන්දිරය පවසන්නේ.
අමෙරිකාව මෙම යුද්ධයට මැදිහත් වුවහොත් කළාපයේ විශාල විනාශයක් ඇතිවනු ඇති බවයි ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ.
ඉරාන න්‍යෂ්ඨික වැඩපිළිවෙල අඩපණ කිරීම එල්ල කෙරෙන මෙම ප්‍රහාර අරමුණයි.
ඉරානයද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන අතර මේ වන විට ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉන් බහුතරය ඊශ්‍රායල මිසයිල ආරක්ෂණ පද්ධතිය විසින් වළක්වාලනු ලැබුවත් ඊශ්‍රායලයටද බරපතල හානි සිදුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
තමා ඉරාන ආධ්‍යාත්මික නායකයා සිටින තැන දන්නා බවත් තමාට අවශ්‍ය නම් ඔහුව විනාශ කළ හැකි බවත් යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට බොහෝ හිස්බුල්ලා නායකයා සිය විරෝධය පළ කර සිටිනවා.
ඔහු කියා සිටින්නේ මෙය කලාපයේ සියලු ජනතාවට එල්ල කළ තර්ජනයක් බවයි.
