ඉරාන – ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයට නියමිත දිනට යළි පැමිණීමට නොහැකි වූ ලාංකිකයන්ගේ වීසා කාලය දීර්ඝ කර ගැනීමට 2025 ජූලි මස 31 වැනිදා දක්වා අවස්ථාව ලබා දීමට PIBA ආයතනය කටයුතු කර තිබෙනවා.
ඊශ්‍රායලය වෙත පැමිණීමට ගුවන් යානා ආරම්භ කළ පසු අවහිරයකින් තොරව ඔවුන්ට ඊශ්‍රායල කරා පැමීණීමට හැකි වනු ඇති බවයි, සියලුම ගුවන් සේවාවලට දැනුම් දී ඇත්තේ.
මේ අතර, ඉන්දියානු රජය විසින් ක්‍රියාත්මක කරන “අම්මාන්” ගුවන්තොටුපොළේ සිට නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ලියාපදිංචි වී සිටින බවත්, එම ගුවන් යානය ජුනි මස 25 වැනිදා ගමන් කිරීමට නියමිත බවත්, සඳහන් කර තිබෙනවා.
එසේම, ඉදිරි දින කිහිපය තුළ ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට තවත් 20 දෙනෙකු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර, මේ දක්වා මෙරටට පැමිණ ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 5 ක් බවයි, නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ.
