
ඉහළ කෝට්ට දුම්රිය ආසන්නයේ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය මතට ඊයේ(19) පස් කන්දක් කඩා වැටීම නිසා සිදු වූ දුම්රිය පිලී පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබුණි.
ඒ හේතුවෙන් අද(20) උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු කල අතර මහනුවර සිට ධාවනය වන ප්රාදේශීය දුම්රිය ගමන් වාර 04 ක් අවලංගු කිරීමට පියවර ගැණුනි.
එම දුම්රිය පිලි ගත කිරීමේ කටයුතු තවත් ප්රමාද වීම නිසා තවත් දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව පස්වරු 12.40 කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනට වන දුම්රිය හා පස්වරු 03.00 ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්රගාමී දුම්රිය ද අවලංගු කෙරේ.