
උතුරු ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ රික්ටර් මාපක 6.3 ක ප්‍රබල භූමිකම්පනයක් හටගෙන තිබෙනවා. හින්දු කුෂ් කලාපයේ මසාර්-අයි-ෂරීෆ් නගරය අසල කොල්ම් හි කිලෝමීටර් 28 ක ගැඹුරින් භූමිකම්පනය හටගත් බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
එරට වේලාවෙන් අලුයම 12:59 ට භූමිකම්පාව හටගෙන තිබෙනවා. එම කළාපයේ මීට මාස දෙකකට පෙර ඇතිවූ භූමිකම්පාවකින් දහස් ගණනක් මිය ගියා. 2021 දී තලේබාන් බලධාරීන් නැවත බලයට පත්වීමෙන් පසු ප්‍රධාන භූමිකම්පා කිහිපයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වුණා. ඉරාන දේශසීමාවේ බටහිර හෙරාත් කලාපයේ 2023 සිදු වූ භූමිකම්පාවකින් 1,500 කට වැඩි පිරිසක් මිය ගොස් නිවාස 63,000 ක් විනාශ වුණා. මේ වසරේ අගෝස්තු 31 වන දින ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.0 ක නොගැඹුරු මුහුදේ භූමිකම්පාවක් ඇති වූ අතර ඉන් 2,200 කට වැඩි පිරිසක් මිය ගියා. මෑත කාලයේ ඇෆ්ගන් ඉතිහාසයේ දරුණුතම භූ කම්පනය එයයි.