ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් දෙකක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා උදුම්බරා ගමගේ සමත් වුණා.
තරගාවලිය, පැවැත්වෙන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී.
මෙම තරගාවලියට සහභාගී වී සිටින රටවල් ගණන 35 ක්.
උදුම්බරා ගමගේ ක්‍රීඩිකාව කවපෙත්ත විසිකිරීම සහ යගුලිය විසි කිරීම යන ඉසව්වලින් රන් පදක්කම් හිමි කර ගත්තා.
ඇය කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සිසුවියක්.
