අද දහවල් දෙකට පමණ ගම්පහ වීරඟුල පොලිස් ස්ථානයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වීරගුල පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකරයෙකි.
ඔහු අත්තනගල්ල බෝ පැත්ත ප්‍රදේශයේ පදිංචි පනස් හය හැවිරිදි විවාහක පුද්ගලයක් බවද සඳහන්.
පොලිස් නඩු භාණ්ඩ ගබඩා කර ඇති ස්ථාන භූමියේදී මෙසේ වෙඩි තබාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඔහු මෙසේ වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
වීරවල සහ ගම්පහ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
