උසස් පෙළට අයදුම් පත් කැඳවීම අප්‍රේල් 24 දක්වා

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) – 2026 විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම 2026.03.24 දින සිට 2026.04.24 දින දක්වා මාර්ගගතව සිදුකරන බව මෙයින් නිවේදනය කරමි.

ඒ අනුව සියලු ම අයදුම්කරුවන්, මාර්ගගතව (Online) පමණක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන වෙබ් අඩවි වෙත පිවිස අදාළ උපදෙස් අනුව ම නිවැරදිව මාර්ගගතව (Online) අයදුම්පත් යොමු කළ යුතු වේ.

උක්ත විභාගය සඳහා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල සිසුන් තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් පෞද්ගලිකවම ද අයදුම්පත් යොමුකළ යුතුවේ.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල විදුහල්පතිවරුන් ඔබ වෙත ලබාදී ඇති පරිශීලක නාම (User Name) සහ මුද්‍රිත රහස් පද (Password) භාවිත කරමින් අයදුම්පත් යොමුකළ යුතු අතර පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර තමා විසින්ම මාර්ගගතව අයදුම්පත් යොමුකළ යුතුය.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ම ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතුය.

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් නියමිත දිනට පෙර විභාගය සඳහා ඉල්ලුම් කිරීමට කටයුතු කරන මෙන් වැඩිදුරටත් දන්වමි.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මඟින් හෝ විද්‍යුත් තැපෑල මඟින් විමසීම කළ හැකිය.