ඌවේ මගීන්ට බස් පැමිණිලි දැනුම් දෙන්න වට්ස්ඇප් අංකයක්

ඌව පළාතේ මගී ජනතාවට බස් රථ තුළ ගමන් කිරීමේදි සිදු වන විවිධ අපසුතා පිළිබඳ පැමිණිලි කිරීම සඳහා නව වට්ස්ඇප් අංකයක්, කියුආර් කේතයක් සහ ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් බස් රථ තුළ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මකයි.