
එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී වාර්තාගත විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට ඉන්දීය නායක සුබ්මන් ගිල් සමත් වුණා.
ඒ, ලකුණු 269ක් රැස් කර ගනිමින්.
ඔහුගේ ඉනිම වාර්තා අතරට එක්වූයේ ඉන්දීය නායකයෙකු ටෙස්ට් තරඟයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එමෙන්ම ආසියාවෙන් පිටතදී ඉන්දීය පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා.
සුබ්මන් ගිල් මෙම විශිෂ්ට ඉනිම ගොඩනැඟුවේ පන්දු 387ක් තුළයි.
ඒ සමගම ඉන්දීය පළමු ඉනිම ලකුණු 587ක් දක්වා ඉහළ ගියා.