එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියේ තීන්දුව නිකුත්වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එකක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල නෞකා සමාගමට නියම කළා.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවටයි තීන්දුවේ සඳහන් වුණේ.

ඊට අමතරව මෙම ඛේදවාචකය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අදාල ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් ඉදිරිපත් කළ මූලික අයිති විකාශකම් පෙත්සම් වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ තීන්දුව ලබා දුන්නා.