එක සොරකමකින් 13ක් මාට්ටු වුන හැටි

පසුගිය 23 වන දින මාරවිල පොලිස් වසමේ යටකලාන ප්‍රදේශයේදී මාරවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගව සොරකම හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරන ලදී.

සැකකරුවන් අවුරුදු 22ත් 48ත් අතර වයස්වල පසුවන මාරවිල, ඇහැලියගොඩ හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිදුකල විමර්ශනයේදී සැකකරුවන් විසින් මාරවිල, මාදම්පේ, කොස්වත්ත, කඳානෙගෙදර, වැලිපැන්නගහමුල්ල යන පොලිස් වසම් වල සිදු කරන ලද ගව සොරකම් 13ක් සම්බන්ධව තොරතුරු අනාවරණය වී ඇත.

මොවුන් විසින් ගවයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් වෑන් රථ 03ක් සහ ත්‍රීරෝද රථයක්ද, සොරකම් කරන ලද ගවයින් හය දෙනෙකුද පොලිස් භාරයට ගෙන ඇත.

මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.