මුම්බායිහි වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩ බැස්වීමකට සුදානමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා.
කොචි සිට පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අද උදෑසන මුම්බායි වෙත ගොඩබෑමේ දී වර්ෂාවෙන් පැවතීම හේතුවෙන් ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් ගුවන් යානයේ එංජිමට සහ පසුපස කොටසට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ගුවන් යානයේ සිටි සියලුම මගීන් ආරක්ෂිත බවත් කිසිවෙකුට හානි සිදුව නැති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
