“එරික්” සුළිකුණාටුවෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
සුළි කුණාටුව අද එරට පැසිෆික් වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉදිරි පැය කිහිපය තුළ “එරික්” සුළිකුණාටුව තුන්වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි මෙක්සිකානු සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසනවා.
සුළි කුණාටුවේ බලපෑමෙන් එරට දකුණු දිග ප්‍රදේශ කිහිපයකට දරුණු සුළං සහ හදිසි ගංවතුර තත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවයි එක්සත් ජනපද සුළිකුණාටු පිළිබඳ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.
“එරික්” සුළිකුණාටුව පැයට කිලෝමීටර 175 ක වේගයකින් හමා යමින් පවතින බව වාර්තා වනවා.
සුළිකුණාටුවෙහි බලපෑමෙන් ඇති වී තිබෙන අනතුරුදායක තත්වය හේතුවෙන් නිවෙස් තුළම රැදී සිටින ලෙසයි මෙක්සිකානු රජය එරට ජනතාවට දැනුම් දී ඇත්තේ.
