එරීන්, එක්සත් ජනපදය කළඹයි

එරීන් සුළි කුණාටුවේ බලපෑමෙන් එක්සත් ජනපදයේ ‍නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

එම ප්‍රදේශවලට පිවිසීම සීමා කිරීමටයි, බලධාරින් පියවර ගෙන ඇත්තේ.

ඊයේ උතුරු අත්ලාන්තික් සාගරය හරහා හමා ආ දැඩි සුළං සහිත කුණාටු තත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි, කාලගුණ විද්‍යා අංශ පවසන්නේ.

උතුරු කැරොලිනාවේ ජීවිත රැසකට දැඩි තර්ජනයක් වී ඇති බවද, මාධ්‍ය වාර්තාවල සඳහන්.

ප්‍රදේශ රැසකට ගංවතුර බලපෑමක් එල්ල වී තිබෙනවා.

කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරන්නේ, සුළි කුණාටුව දෙවැනි කාණ්ඩයේ කුණාටුවක් දක්වා දුර්වල වී ඇති නමුත්, එය පැයට කිලෝ මීරට 170 කට ආසන්න වේගයකින් වෙරළ කලාපයට බලපෑමක් එල්ල කරන බවයි.

අධිවේගි මාර්ග රැසක ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දැමීමට ද පියවර ‍ගැනුණා.