“එරීන්” කැරොලිනාවට රිංගයි

අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති “එරීන්” සුළි කුණාටුව උතුරු කැරොලිනාහි වෙරළබඩ කලාපය දක්වා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශවලට පිවිසීම සීමා කිරීමට බලධාරින් සීමා කර තිබෙනවා.

මීට දින දෙකකට ‍පෙර උතුරු අත්ලාන්තික් සාගරය හරහා හමා ආ දැඩි සුළං සහිත කුණාටු තත්වය කලාප රැසකට ව්‍යාප්ත වෙමින් පවතින බවයි, කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරන්නේ.

මේ වනවිට “එරීන්” සුළි කුණාටුව පැයට කිලෝ මිටර 170ක ආසන්න වේගයකින් හමා යන බවයි, වාර්තා වන්නේ.

උතුරු කැරොලිනාවේ ජනාකීර්ණ ප්‍රදේශයන්හි ජීවිත රැසකට දැඩි තර්ජනයක් වී ඇති බවද මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ප්‍රධාන අධිවේගි මාර්ග රැසක් වසා දමා ඇති අතර, සුළි කුණාටුව දෙවැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් බවට එහි බලපෑම් අවම වී ඇති අතර, කෙසේ වෙතත්, එය ගොඩබිම් සීමාව කරා ව්‍යාප්ත වෙනු ඇති බවටයි, කාලගුණ විද්‍යා අංශ තවදුරටත් අනතුරු අඟවන්නේ.

මුහුදු කලාපයේ ඇති විය හැකි අවදානම් රළ තරංග හේතුවෙන් පිහිනීම් සහ ජල ක්‍රීඩාවලින් වැළකී සිටින ලෙස ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.