ඔලිම්පික් යන ක්‍රිකට්

2028‍ ලොස්ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් තරග පැවැත්වෙන කාල සටහන එළිදක්වා තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කෙරුණේ, 1900 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

2028 ලොස්ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ජූලි මස 14 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔලිම්පික් සංවිධායකයින් ‍නිවේදනය කර තිබෙන්නේ, ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නිල වශයෙන් ආරම්භවීමට දින දෙකකට පෙර ක්‍රිකට් තරග ආරම්භ කෙරෙන බවයි.

ඒ අනුව, ජූලි මස 12 වැනිදා මූලික වටයේ තරග ආරම්භ වන අතර, එම තරග 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

දෙවැනි වටයේ තරග, ජූලි 20 වැනිදා සිට ආරම්භ වනවා. කාන්තා හා පිරිමි දෙඅංශයේම රන් පදක්කම සඳහා වන තරගය පැවැත්වෙන්නේ, ජූලි 29 වැනිදායි.

2020-20 තරගාවලියක් ලෙස, ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී කාන්තා සහ පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රිකට් තරග සඳහා සහභාගී කර වීමට නියමිත බවයි, ඔලිම්පික් සංවිධායකයින් ප්‍රකාශ කරන්නේ.

එක් කණ්ඩායමක් සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි.

බෝහෝ දුරට අයි සී සී ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණ ගන්නා කණ්ඩායම්වලට මේ සඳහා අවස්ථාව හිමි වනු ඇති බව, වාර්තා වනවා.