98 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩෙල්බි රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
එහිදී One Battle after another චිත්‍රපටය දක්ෂතම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු ප්‍රධාන සම්මාන 06 කින් පිදුම් ලැබුවා.
සිනමා ලොවේ දැවැන්තයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උළෙල මෙවරත් ලෝක අවදානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.
සම්භාවනීය හාස්‍ය රංගන ශිල්පියෙකු වන කොනන් ඕ බ්රයන්ස් 98 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන නිවේදකයා ලෙස කටයුතු කළා.
Sinners චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනය වෙනුවෙන් මයිකල් බී ජෝර්ඩන් දක්ෂතම නළුවාට හිමි සම්මානය දිනාගත්තා.
එම චිත්‍රපටයේම කැමරාකරණය වෙනුවෙන් ඔටම් ඩුරල්ඩ් ආර්කැපෝ ඔස්කාර් සම්මානයක් දිනූ පළමු කාන්තා සිනමා කැමරා ශිල්පිනිය බවට පත්වුනා.
One Battle after another චිත්‍රපටයේ ශෝන් පෙන් හොදම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තා.
Hamnet චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජෙසී බර්ක්ලි දක්ෂතම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තා.
Weapons චිත්‍රපටයට රංගනයෙන් දාකය වූ ඒම් මැඩිගන් රංගන ශිල්පිනිය හොදම සහය නිලියට හිමි ඔස්කාර් සම්මානය දිනාගනු ලැබුවා.
හොදම මුල්තිර රචනයට හිමි සම්මානය Sinners චිත්‍රපටයේ රයන් කූග්ලර් සඳහා හිමිවී තිබෙනවා. හොදම සජීවිකරණය සඳහා හිමි සම්මානය Kpop demon Hunters චිත්‍රපටයට හිමිවී තිබෙනවා.
හොදම රංගන වින්‍යාසය සදහා හිමි ඔස්කාර් සම්මානය One Battle after another චිත්‍රපටයේ කැසැන්ඩ්‍රා කුලුකුන්ඩිස් හිමිකර ගත්තා.
හොදම විදේශ චිත්‍රපටයට හිමි සම්මානය Sentimental value නෝරිජියානු චිත්‍රපටය සදහා පිරිනැමුනා.
Sinners හොදම චිත්‍රපට සංගීතයට හිමි සම්මානය හිමිකර ගනු ලැබුවා.
Frakenstein චිත්‍රපටය වෙනුවෙන් කේට් හෙන්විලි සදහා හොදම ඇදුම් නිර්මාණය ඔස්කාර් සම්මානය පිරිනැමුනා.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ සුවිශේෂී අවස්ථාව වූයේ The Singers සහ Two People Exchanging Salive යන කෙටි චිත්‍රපට ද්විත්වයම සම ජයග්‍රහණ ලබාගත් අතර මෙවැනි සම ජයග්‍රහණයක් ඔස්කාර් ඉතිහාසයේ වාර්තාවන්නේ 06 වන වතාවටයි.
