
එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාව, ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඊයේ සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තුන්වැනි එක් දින තරගයේදී.
ඔස්ට්‍රේලියාවේ මැකේහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 ඇතුළත කඩුලු 2 ක් දැවී ලකුණු 431 ක් රැස් කළා. එය, වාර්තා වන්නේ, ඔස්ට්‍රේලියාව එක් දින තරගයක ඉනිමක ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මීට පෙර ඔවුන් 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 434 ක් ලබා සිටියා. මේ අතර, ඊයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව වාර්තාව වන්නේ කණ්ඩායමක් එක් දින තරගයක වාර්තා කළ 9 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මෙම ඉනිමේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ශතක 3 ක් වාර්තා වුණා.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 142 ක් රැස් කළ, කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 118 යි. නායක මිෂෙල් මාෂ් ලකුණු 100 ක් ලබා ගත්තා.
පිළිතුරු දෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 24 පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 155 ක් පමණයි. ඩෙවල්ඩ් ග්‍රේවිස් ලකුණු 49 යි. පන්දු යැවීමේදී කූපර් කොනෝලි කඩුලු 5 ක් දවා ගත්තා. තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 276 කින්. දකුණු අප්‍රිකාව මෙම තරගාවලිය 2 ට 1 ක් ලෙස ගත්තා.