නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය.
2026.02.17 වන දින අළුයම් කාලයේ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන්තොටුපල උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි 12000 ක් (කාටුන් 60) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 58 ක් වන ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපොල ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
