කණ්ඩලම වැවේ තවත් අලියෙකුට වෙඩි

ඉදිරිපස පාදයකට වෙඩි වැදී මාස ගණනාවක් ප්‍රතිකාර ලබන කණ්ඩලමේ  හැඩකාරයාට අමතරව කන්ඩලම වැවට සිරිය ගෙනෙන තවත් වන අලියෙකුගේ පසුපස පාදයකට වෙඩි වැදී ඇති අයුරු මේ දිනවල කන්ඩලම වැව ඉස්මත්තේ දී දැකගැනීමට හැකි වී තිබේ.

 මෙම අලියා අහම්බෙන් දැක ගැනීමට හැකි වූයේ මීට  මාස කිහිපයක සිට   කණ්ඩල මේ හැඩකාරයා නම් වූ අලියාගේ ඉදිරිපාදයකට වෙඩි තබා ආහාර ගැනීමට නොහැකිව  සිටිය දී ප්‍රදේශවාසීන් දිනපතාම එම අලියාට ආහාර රැගෙන ගොස් දෙන අවස්ථාවේදීය

 වැව ඉස්මත්තේ එහා කෙළවරේ සිට  ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් මෙන් මිනිසුන් ගැවසෙන ඉදිරියට පැමිණෙන අලියා දැකගැනීමට හැකි විය . මෙම වන අලියාට මෙතෙක් ප්‍රතිකාරයක් සිදුකර නොමැත.

 අවස්ථා ගණනාවකදී කණ්ඩලමේ හැඩකාරයාට ප්‍රතිකාර කළ බව සීගිරිය වනජීවී නිලධාරීහු පෙන්වා දෙන අතර මෙම වන අලියා 01 දින පස්වරුවේ අහම්බෙන් අපහට දැකගැනීමට හැකි විය

 තවත් වන අලින් කිහිප දෙනෙකුගේ රංචුවක සිටින මෙම අලියා පසුපස පාදයේ විශාල ලෙස  ඉදිමි    නැවීමකින් තොරව අඩිය තබමින්   නිතර ජලයට බසිමින් නැවතත් ජනතාව ගැවසෙන ප්‍රදේශවලට ගමන් කරමින් තම වේදනාව පෙන්වමින් සහ ප්‍රතිකාර ඉල්ලා සිටින ආකාරයෙන් හැසිරෙන අයුරු එහිදී දැකගැනීමට හැකි විය

  කෙසේ වෙතත්   කණ්ඩලම හැඩකරන වන අලින් කිහිප දෙනෙකුම මෙවන විට දරුණු ලෙස වෙඩි ප්‍රහාරවලට ලක් වෙමින් තිබේ . කණ්ඩලම වැවේ ජලය අඩුවීමත් සමග ඔවුන් වැව් ඉස්මත්තේ නිතර ගැවසෙන අතරම ප්‍රදේශයේ වැව වටා ඇති සංචාරක හෝටල් වලින් මෙම අලින්ට ආහාර ලබා දී ම ඔවුන් මිනිසුන්ට හුරු වී තිබීම නිසාම   ගෙවතුවලට ගොස් අහර ගැනීමේ දී ප්‍රදේශවාසීන්ගේ සහ වන අලින් අතිර වෛරයක් ගොඩනැගී තිබීම විශේෂත්වයකි  සතුන් පෙන්වා සංචාරක ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කළ ද   ඇතැම් සංචාරක හෝටල් වන සතුන්ට ආහාර ලබා දී    සංචාරකයන්ට වන අලින් පෙන්වීම සිදුකරති එහෙත් අවසානයේදී කන්ඩලමට සිරිය ගෙනෙන හැඩකාරයා මී  වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනකන් ප්‍රදේශවාසීන් ලබා දෙන දෙයක් අහර ගෙන ජීවත් වෙයි

  කණ්ඩල මේ සිරිය ගෙනා අනෙත් වන අලියාද වෙඩි වැදී මේ ආකාරයෙන් තැන තැන ප්‍රතිකාර ඉල්ලමින් ඇවිදීම සිදුකරන අතර තවත් වන අලි කිහිප දෙනෙකු එම වන අලියාට රැකවරණය දීමද විශේෂත්වයෙකි

 මේ පිළිබඳව කඩිනමින් වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරවන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.