මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (20) දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝණ මීදුම් තත්වය හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්වය පවති.
එම මාර්ගවල රථවාහාන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
