කබලෙන් ළිපට වැටුණ ඇෆ්ගනිස්ථානුවන් – මරණ දහසකට ළංවෙයි

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඊයේ සිදුවූ දරුණු භූමිකම්පාව නිසා සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

1000 ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර, 3000 ක පමණ පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය, විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ “කුනාර්” සහ “නන්ගර්හාර්” පළාත්වල බොහෝ ගම්මාන විනාශ වී ඇති අතර, දිවි ගලවා ගත් අය නවාතැන් නොමැතිව එළිමහනේ රාත්‍රීය ගත කර ඇති බවයි.

කඩාවැටී ඇති ගොඩනැගිලි සුන්බුන් අතර තවමත් බොහෝ පිරිසක් සිර වී සිටින බව, වාර්තා වනවා.

භුමිකම්පාවෙන් විපතට පත් ජනතාවට ජාත්‍යන්තර සංවිධාන ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ලොව පුරා නායකයින් ඇෆ්ගනිස්ථානයට සහයෝගය පළ කර ඇති අතර, ඉන්දියාව, පකිස්ථානය, චීනය, ස්විට්සර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් එරටට මානුෂිය ආධාර යවා ඇති බවටයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.