කරච්චි පිටියේදී කුසල්ගෙන් සුපිරි ශතකයක්

පකිස්තාන සුපර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ පේෂාවර් සල්මි සහ කරච්චි කින්ග්ස් කණ්ඩායම් අතර පැවති තරගය ලකුණු 159 ක ජයක් හිමි කර ගැනීමට පේෂාවර් සල්මි කණ්ඩායම සමත් වුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් රැස් කළ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තා. තරගය පැවැත්වුණේ, පකිස්තානයේ, කරච්චි හිදී.

කාසියේ වාසිය හිමි කර ගත්, කරච්චි කින්ග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහදීමේ අවස්ථාව පේෂාවර් සල්මි කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව, ඔවුන් පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 246 ක් ලබා ගත්තා. නායක බාබර් අසාම් ලකුණු 87 යි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් පන්දු 52 කදී ලකුණු 109 ක් ලබා ගත්තා.

ඊට 4 පහර 14 ක් සහ 6 පහර 4 ක් ඇතුළත්. පන්දු යැවීමේදී කරච්චි කින්ග්ස් කණ්ඩායමේ අබ්බාස් අෆ්රිඩි කඩුලු 2 ක් දවා ගත්තා.

ලකුණු 247 ක ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළ කරච්චි කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 16 යි පන්දුවක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 87 ක් පමණයි.

අසාම් ඛාන් ලකුණු 25 යි. පන්දු යැවීමේදී පේෂාවර් සල්මි කණ්ඩායමේ ඉෆ්තිකාර් අහ්මඩ්, නහිඩ් රනා සහ සුෆියන් මුකීම් කඩුලු 3 බැගින් බිඳහෙලුවා.