රුසියාව සහ ක්‍රිමියාව සම්බන්ධ කරන ක්‍රිමියානු පාලමට දැඩි අලාභහානි සිදු කළ බව යුක්රේන ආරක්ෂක හමුදාව පවසනවා.
ඒ සඳහා දිය යට පුපුරණ ද්‍රව්‍ය භාවිතා කළ බවයි යුක්‍රේන ආරක්ෂක අංශ කියා සිටින්නේ.
යුක්රේන හමුදාව මෙම පාලම ඉලක්ක කරගත් තුන්වන අවස්ථාව මෙයයි.
පාලමේ ආධාරක කුළුණුවලට හානි කිරීම සඳහා ඊයේ අලුයම පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,100 ක් පමණ භාවිතා කර තිබෙනවා.
පාලමේ කුළුණක් අසල පිපිරීමක් සිදු වන වීඩියෝ දර්ශන යුක්රේන හමුදා විසින් මාධ්‍යට මුදාහරිනු ලැබුවා.
පිපිරීමෙන් පාලමට දැඩි හානි සිදුවූ බවයි යුක්රේන හමුදාව පවසන්නේ.
ක්‍රිමියා පාලම, රුසියාව 2014 වසරේදී යුක්‍රේනය ඈඳා ගත් ක්‍රිමියානු අර්ධද්වීපය සමඟ රුසියාව සම්බන්ධ කරන ප්‍රධාන පාලමක්.
යුක්‍රේන හමුදාව මිට පෙර අවස්ථා තුනකදී එල්ල කළ ප්‍රහාරවලින් පාලම මුළුමනින්ම විනාශ නොවුනත් සැලකියයුතු හානි සිදු වුණා.
යුක්‍රේනය ඩ්‍රෝන යානා යොදා ගනිමින් අසාර්ථක ප්‍රහාරයක් එල්ල කල බවයි රුසියාව පවසන්නේ.
පාලමේ ගමනාගමනය පැය තුනක කාලයක් නතර කර තිබූ අතර, එය යළි විවෘත කළ බව රුසියානු බලධාරීන් පවසනවා.
