ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී තරග තීරක සහ විනිසුරු තනතුරු සඳහා කාන්තාවන් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ඉතිහාසයේ පළමු වරටයි.
මෙම තරගාවලිය සඳහා තරග තීරක සහ විනිසුරු මඩුල්ල පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විනිසුරු මඩුල්ල සාමාජිකයන් 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඊට ශ්‍රී ලංකාවේ නිමාලි පෙරේරාද ඇතුළත්.
සිව් දෙනෙකුගෙන් සමන්විත තරග තීරක මඩුල්ලට ශ්‍රී ලංකාවේ මිෂෙල් පෙරෙයිරාද නම් කර තිබීම විශේෂත්වයක්.
බර්මින්හැම්හිදී පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ අවසන් වරට පැවැති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි දෙකේදී තීරක සහ විනිසුරු මඩුල්ලට කාන්තා නිලධාරීන් ඇතුළත් කර තිබුණා.
කෙසේ වෙතත් එක් දින ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක නිලධාරි මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ලෙස කාන්තාවන් යොදා ගැනෙන පළමු අවස්ථාව මෙය ඓතිහාසයට එක් වන්නේ.
