ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ කේවල බාලිකා ගොල්ෆ් ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිවුණා. ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ බහරේන් හිදී.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ලෝකඩ පදක්කම හිමි කරගත්තේ කායා දළුවත්ත ක්‍රීඩිකාවයි.
මෙවර යොවුන් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩා ඉසව්වලට අමතරව ලබාගත් පළමු පදක්කම මෙයයි.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4 ක් හිමිකර ගැනීමට සමත්ව සිටිනවා.
