පකිස්තානයට සහ පකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීර කලාපයට බලපා ඇති හදිසි ගංවතුර තත්වය හමුවේ මේ වනවිට 300කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෝසම් වර්ෂාවත් සමග එරට ප්‍රදේශ කිහිපයකින් නායයෑම්ද වාර්තා වනවා.
පකිස්තානයට සහ පකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීර කලාපයට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව එරට බලධාරින් පවසනවා.
ගංවතුරින් දැඩි බලපෑමට ලක්ව ඇත්තේ වයඹ දිග පකිස්තානයේ කඳුකර “කයිබර් – පක්තුන්ක්වා” පළාතයි.
එහි නිවාස 74 කට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
“කයිබර් – පක්තුන්ක්වා” පළාතේ අද ශෝක දිනයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෝසම සක්රීයවිමෙන් ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ දැඩි වර්ෂාපතනයක් වාර්තා වන බව පකිස්තාන කාලගුණ විද්‍යා අංශ පවසනවා.
එරට වයඹ දිග කලාපයේ එළඹෙන 21 වැනිදා දක්වා තවදුරටත් දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි එම අංශ පෙන්වා දෙන්නේ.
