ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ගම්මානයක හටගත් ක්‍ෂණික ගංවතුර තත්වයක් හේතුවෙන් 46 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ජල ගැලීම් හට ගෙන ඇත්තේ, හිමාලයේ ප්‍රසිද්ධ හින්දු ආගමික සිද්ධස්ථානයකට ළඟා වන කාර්යබහුල වන්දනා මාර්ගයක පිහිටා ඇති කිෂ්ට්වාර් දිස්ත්‍රික්කය ආශ්‍රිතවයි.
ජල ගැලීම් තර්ජනයත් සමඟ වන්දනාකරුවන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු තිබෙනවා.
කෙසේ වුවද, අවම වශයෙන් 50 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවටයි, සැකකෙරෙන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
බලධාරින් පවසන්නේ, ක්‍ෂණිකව ඇතිවූ අධික වර්ෂාපතනයක් සමග ජල ගැලීම් තත්වයහටගත් බවයි.
සැලකිය යුතු පිරිසකට පීඩා එල්ල විය හැකි බවට ද සැක කෙරෙනවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසන්නේ, අවශ්‍ය පිරිස් වෙත “හැකි සෑම ආධාරයක්ම” ලබා දීමට පියවර ගෙන ඇති බවයි.
ඉන්දියාවේ උතුරු ප්‍රදේශයෙන් මෑත දිනවල ඉතා අධික වර්ෂාපතනයක් වාර්තා වූ අතර එමඟින් ප්‍රදේශ කිහිපයක ක්‍ෂණික ගංවතුර තත්වයක් හට ගැනුණා.
පසුගිය සතියේ, උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ ධාරලි ගම්මානයෙන් අඩක් පමණ දරුණු ජල ගැලීමකින් යට වී ගියා.
නිලධාරීන් ප්‍රකාශ කළේ, එම ගංවතුරින් 66 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති අතර, එක් මළ සිරුරක් පමණක් සොයා ගෙන ඇති බවයි.
