කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කානි සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවීමක් වනු ඇති බවයි විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.
2023 වසරේ ඉන්දීය බෙදුම්වාදී නායකයෙකු වන සික් ජාතිකයෙක් කැනඩාවේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර සබඳතා පළුදු වුණා. ඔහු කියාසිටියේ එම සික් ජාතිකයාගේ ඝාතනයට ඉන්දියානු රජය වගකිව යුතු බවයි.
කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසුව දෙරට අතර පළුදු වූ සබඳතා නැවත නගාසිටුවීම කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ චාරිකාවේ අරමුණක් වනවා.
