කැලිෆෝනියාවේ දරුණු තත්වයක්

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවට බලපා ඇති ලැව් ගිනි තවදුරටත් පැතිර යමින් පවතිනවා.

“ගිෆර්ඩ්” ලෙස හඳුන්වන ලැව් ගින්න, වඩාත් දරුණු මට්ටමට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ගින්නෙන් මේ වනවිට අක්කර ලක්‍ෂයකට වැඩි භූමි ප්‍රදේශයක් විනාශ වී ගොසින්.

අධික උෂ්ණත්වය සහිත වියළි කාලගුණය හේතුවෙන් ලැව් ගිනි මැඩපැවැත්වීම වඩාත් දුෂ්කර වී ඇති බව එරට ගිනි නිවීමේ අංශ පවසනවා.